Skip to main content

Godot Download කරමු

Download කරමු

මුලින්ම Godot Download කරගන්න ඕන.
ඒකට godotengine.org කියන official website එකට ගිහින් download button එක ඔබන්න තියෙන්නෙ.

මේකෙදි මම පාවිච්චි කරන්නෙ Windows OS එකක්. මං හිතනවා අනිත් OS වල අයට ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා.
ඔයාට ඔයාගෙ OS එකට Godot දාගන්න එක අමාරුයි වගේ නම් පොඩ්ඩක් YouTube එකේ search පාරක් දාලා බලන්න.

Setup එකම සුපිරියක් 🔥

Godot කියන්නෙ ප්‍රධාන පෙළේ game engines අතර තියෙන lightweight ම engine එක. ඒ කියන්නෙ මේකෙ size එක ගොඩක්ම අඩුයි. ඉක්මනට Download වෙනවා; setup කරගන්න ලේසියි; කොටින්ම install කරන්න ඕනවත් නෑ.

Run කරන්න බය වෙන්න එපා 🚀

Windows Defender එකෙන් warning එකක් පෙන්නුවොත්, click More infoRun anyway
(අනිවා Godot setup එක official website එකෙන් download කරන්න).

Godot හොද තැනකට දාගන්න

අනිත් software වගේ නෙවෙයි. Godot install කරන්න ඕනත් නෑ. නිකන්ම double click කරන්න විතරයි ඕන.
ඒ නිසා ඔයාට system එකේ ඕන තැනක Godot තියාගන්න පුලුවන්.

හැබැයි මෙන්න මේ step ටික කරලා, Godot normal program එකක් වගේ පාවිච්චි කරන්න පුලුවන්.

  • Program Files folder එකට යන්න.
  • Godot කියලා අලුතෙන් folder එකක් හදන්න.
  • Godot setup file එක ඒ folder එක ඇතුලට දාන්න.
  • ඒ file එක උඩ right click කරලා Send to → Desktop (create shortcut) ඔබන්න.

දැන් ඔයාට desktop එකේ ඉදන්ම Godot open කරන්න පුලුවන්.
Desktop එකේ තියාගන්න කැමති නැත්නම්, ඒක උඩ right click කරලා Pin to Start හරි Pin to Taskbar හරි දාගන්න පුලුවන්.
(මං කැමති Pin to Start කරලා desktop එක clean එකේ තියාගන්න.)

Placing it somewhere easy to access

ඇත්තටම ඒ steps අනිවාර්යෙන් කරන්න ඕනමයි කියලා එකක් නෑ. වැදගත් වෙන්නෙ ඉක්මනට හොයාගන්න පුලුවන් වෙන තැනකින් Godot තියාගන්න එක.

පුරුද්දක් කරගන්න 💪

හොයාගන්න ලේසි, පේන තැනකින් තියාගන්න එක ඔයාගෙ තප්පර ගානක් ඉතුරු කරලා දේවි. ඒ වගේම ඔයාට ඒක open කරලා experiment කරන්නත් ලේසි වෙයි. අන්න ඒ first step එක ඕනම software එකක් ඉක්මනට ඉගෙනගන්න ලොකු උදව්වක්.